දිල්මිණී අබේරත්න විසින්ශ්
ශ්‍රී ලංකාව වැල් පාලමෙන් එතෙර වුණාද? එහෙමත් නැත්නම් අපි යන්නේ හරි පාරෙද? කියන ප්‍රශ්න ආර්ථික අර්බුදයකින් බැට කාපු ජනතාවකට මඟ ඇරලා ඉන්න පුළුවන් දේවල් නෙවෙයි. ලංකාවේ කාර්‍යසාධනය ගැන හුඟක් අය කියන කතා අතරේ, අපි හිතුවා ලෝක බැංකුවේ අදහස මේ ලිපියෙන් ඉදිරිපත් කරන්න. පහුගිය අප්‍රේල් මාසේ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය ගැන වාර්තාවක් එළි දැක්වුවා. මේ සටහන ඒ ගැන.
“ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් තිබියදී, ජනගහනයෙන් සැලකිය යුතු කොටසක්, එනම් තුනෙන් එකක් පමණ දරිද්‍රතාවයෙන් පෙළෙන නොඑසේ නම් නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක සිටින අයයි. මෙම ප්‍රකෘතිමත් වීම සෑම කෙනෙකුටම, විශේෂයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූවන්ට පවා යහපත් ප්‍රතිඵල ගෙන එන බව සහතික කිරීම සඳහා, ශ්‍රී ලංකාවට කළ හැක්කේ රැකියා නිර්මාණය කරන සහ දුප්පතුන්ට සහාය වන ආර්ථික ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කිරීමයි.”
- ඩේවිඩ් සිස්ලන්, මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂ
Image by Kanishka Ranasinghe from Pixabay
ගෙවුණු වසරේ ලංකාවේ ආර්ථිකය
ඉදිකිරීම් හේතුවෙන් ඇති වූ කර්මාන්තවල පිබිදීම සහ සංචාරක ආශ්‍රිත සේවාවන්වල ශක්තිමත් ක්‍රියාකාරිත්වය නිසා 2024 වසරේදී ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. බලශක්ති මිල ගණන්වල පහළට ගැලපීම්, රුපියලේ අගය ඉහළ යාම සහ ගෘහස්ථ ඉල්ලුම අඩුවීම කියන හේතු නිසා කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන ප්‍රධාන උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේ ඉඳන් සෘණ අගයක පවතිනවා (2025 පෙබරවාරි මාසයේදී සියයට -4.2 දක්වා). උද්ධමනය පහත වැටීමත් එක්කම, මහ බැංකුව 2024 දී ප්‍රතිපත්ති අනුපාත පදනම් ලකුණු 150 කින් අඩු කළ අතර, 2023 සිට මුළු පදනම් ලකුණු 800ක අඩුවීමක් පෙන්නුම් කළා. වාණිජ ණය අනුපාත අනුගමනය කළ විට, පුද්ගලික ණය යථා තත්ත්වයට පත්වීමට පටන් ගත් අතර, 2024 දෙසැම්බර් මාසයේදී 10.7% කින් වර්ධනය විය.
අපනයනවලට වඩා වේගයෙන් ආනයන වර්ධනය වීම නිසා 2024 දී වෙළඳ භාණ්ඩ වෙළඳ හිඟය 23.9% කින් වැඩි වුනත්, ශක්තිමත් සංචාරක ආදායම් සහ විදේශීය ප්‍රේෂණ ප්‍රවාහයන් නිසා 2024 දී අඛණ්ඩව දෙවන වරටත් ජංගම ගිණුම් අතිරික්තයක් සටහන් වුණා. දිගින් දිගටම ණය සේවාකරණ වියදම් අත්හිටුවීම සහ සංවර්ධන හවුල්කරුවන්ගෙන් ආයෝජන ගලා ඒම් නිසා මහ බැංකුවේ විදේශ විනිමය මිලදී ගැනීම් මඟින් භාවිතයට ගත හැකි විදේශ සංචිත ප්‍රමාණය සටහන් වුණේ මාස 3කට අවශ්‍ය වන ආනයන වියදම්වලට සම වෙන විදිහට. මේ අතරේ රජය මින් පෙර පනවා තිබූ, ඉතිරිව ඇති සියලුම ආනයන සීමාවන් (ප්‍රධාන වශයෙන් වාහන ආනයන සීමාද ඇතුළුව) ඉවත් කිරීමට හැකි වුණා. 2022 වසර අවසානයේ අගයයට සාපේක්ෂව රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 19.4% ක සමුච්චිත වර්ධනයක් පෙන්නුම් කළා.
2024 දී ප්‍රාථමික අතිරික්තය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.2% ක් වූ අතර එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ අරමුදල් පහසුකම මඟින් 2024 වෙනුවෙන් පනවලා තිබුණු 0.8%ක ඉලක්කය පවා අභිබවා ගියා. මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න හේතුව, වැට් බදු අනුපාත ඉහළ නැංවීම, බදු නිදහස් කිරීම් ඉවත් කිරීම සහ ප්‍රාග්ධන වියදම් සඳහා ක්‍රියාත්මක නොකිරීම මගින් සිදු විය. ආර්ථික වර්ධනය සහ රුපියලේ අගය වැඩිවීමට අමතරව, වැඩිදියුණු කළ ප්‍රාථමික ශේෂය මඟින් 2024 වසර අවසානය වන විට රාජ්‍ය සහ රජය විසින් සහතික කළ ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 102.4% දක්වා අඩු කිරීමට හැකියාව ලැබුණා. බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම (විදේශීය ණය දෙන්නන්ට ගෙවිය යුතු ණය කොන්දේසි වෙනස් කිරීම) බොහෝ දුරට අවසන් වී ඇති අතර, යුරෝ බැඳුම්කරවලින් 98% ක් පමණ හුවමාරු වීමත් රජයේ නිල ණය හිමියන් සමඟ ගනුදෙනු කිරීමේදී සැලකිව යුතු ප්‍රගතියක්ද ලබා ඇත. මීට අමතරව, 2025 මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම මඟින් සිදු කරන තුන්වන සමාලෝචනය අවසන් කරන ලදී.
සමාජීය ප්‍රවණතා
2024 වසරේදී ඇති වූ ආර්ථිකයේ වර්ධනය නිසා දුප්පත්කම 2.7% කින් අඩු වෙලා. ඊට හේතු වුණේ දුප්පත්ම 20%න් වැඩි ප්‍රතිශතයක් (60%) කර්මාන්ත හා සේවා අංශයේ සේවය කිරීමත්, එම අංශවලට ආර්ථිකයේ ප්‍රකෘතිමත් වීම සාධනීය බලපෑමක් කිරීමත් නිසා. කොහොම වුණත්, ආර්ථිකයේ ප්‍රකෘතිමත් වීම පුළුල් සුභසාධනයක් ඇති කරන තරමට වැඩිදියුණු වෙලා නෑ. දරිද්‍රතාවය තවමත් 24.5%ක මට්ටමේ තියෙන්නේ. ඒ අගය 2019 වසරේ දරිද්‍රතා මට්ටම වගේ දෙගුණයක්. උද්ධමනය අඩු වුණත්, 2021 සහ 2024 අතර කාලයේ ආහාරවල මිල ගණන් දෙගුණයකටත් වඩා වැඩි වීම නිසා මන්දපෝෂණය සහ ආහාර අනාරක්ෂිතභාවය ඉහළ ගිහින්. 2023 වසරේ දෙවන කාර්තුවේ 46% තිබුණු රැකියා අනුපාතය 2024 දෙවන කාර්තුවේදී 45.5% දක්වා අඩු වෙලා. සැබෑ වැටුප් තවමත් 2019 මට්ටමට වඩා අඩු අගයක තියෙන නිසා මිලදී ගැනීම් හැකියාවත් පහළයි. මුදල් උත්පාදනය කළ හැකි ආර්ථික අවස්ථා ප්‍රමාණයෙන් සීමිත වීම නිසා, ජනතාව වෙනත් රටවලට සංක්‍රමණය වීමත් තවම සිදු වෙනවා. 2024 මුල් මාස නවය තුළ විදේශ රැකියා කාර්යාංශයට මේ සම්බන්ධයෙන් ලැබුණු අයදුම්පත් ගණන ඉහළ ගිහින් තියෙනවා.
Image by Mohamed Hassan from Pixabay
ප්‍රධාන කොන්දේසි සහ අභියෝග
අපි දන්නවා මෑත කාලයේ ඇති වුණ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පස්සේ, 2023 මැද භාගයේදී ආර්ථිකය ස්ථාවර වීමට පටන් ගත්තා. බාහිර කම්පන, දිගුකාලීනව සිදු වුණු වැරදි සාර්ව ආර්ථික කළමනාකරණය සහ ව්‍යුහාත්මක දුර්වලතා නිසා 2022 දී විදේශ සංචිත (ඩොලර් සිඳී යාම) ක්ෂය වීමටත් රාජ්‍ය ණය පැහැර හැරීමටත් හේතු වුණා. රැකියා අහිමිවීම් සහ ඉහළ උද්ධමනය මධ්‍යයේ සැබෑ ආදායම් පහත වැටීම හේතුවෙන් 2021 සහ 2022 අතර දරිද්‍රතාවය 10% කින් වැඩි වුණා.
IMF විස්තීර්ණ අරමුදල් පහසුකම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ මගින් ආර්ථිකය ස්ථාවර කිරීමට උපකාරයක් ලැබුණා. ඒ මඟින් 2021 සහ 2023 අතර සමුච්චිත දළ දේශීය නිෂ්පාදිතයේ හැකිලීම 9.5% දක්වා සීමා වුණා. මේ අතරේ ප්‍රධාන උද්ධමනය (2022 සැප්තැම්බර් මාසයේදී 69.8% සිට 2023 දෙසැම්බර් මාසයේදී 4% දක්වා) අඩු වුණා භාවිතා කළ හැකි නිල සංචිත (2022 අවසානයේ මාස 0.3 සිට 2023 අවසානය වන විට ආනයන මාස 2.1 දක්වා) ඉහළ ගියා. රාජ්‍ය සහ රජය විසින් සහතික කළ ණය දදේනියේ අනුපාතයක් ලෙස (2022 අවසානයේ 119.2 සිට 2023 අවසානයේ සියයට 111.7 දක්වා) පහත වැටීමත් හොඳ ප්‍රතිඵලයක්. පහත වැටුණි. කෙසේ වෙතත්, උපයෝගිතා මිල ගැලපීම් සහ නව ආදායම් බලමුලු ගැන්වීමේ පියවර ඇතුළුව ප්‍රතිසංස්කරණ, ගෘහස්ථ අයවැය පීඩාවට පත් කළේය.
ඉහළ ජීවන වියදම්වලට මුහුණ දෙමින්, කුටුම්භ මානව ප්‍රාග්ධන වියදම් කපා හැරීම, වැඩිපුර ණයට ගැනීම සහ පෝෂ්‍යදායී ආහාර පරිභෝජනය අඩු කිරීම වැනි අවදානම් සහගතව මුහුණ දීමේ උපාය මාර්ග අනුගමනය කළේය. කොහොම වුණත්, විදුලිය, ආහාර වගේ උපයෝගිතා මිල ගණන් ඉහළ නැංවීම සහ රජයේ ආදායම වැඩි කිරීම සඳහා නව බදු හෝ ගාස්තු හඳුන්වා දීම වැනි රජයේ සමහර ප්‍රතිසංස්කරණ නිසා ගෘහස්ත ආර්ථිකයන්වල; ජීවිතවල තත්ත්වය නරක අතට හැරිලා තියෙනවා. ඒවායේ ප්‍රතිඵල විදිහට, බොහෝමයක් පවුල් ඉහළ ජීවන වියදම් සමඟ පොරබදමින් සිටින අතරම ඒවාට මුහුණ දීමට අවදානම් සහිත ක්‍රම භාවිතා කරනවා. එනම්, අධ්‍යාපනය සහ සෞඛ්‍යය වැනි අංශ සඳහා වන ප්‍රාග්ධන වියදම් අඩු කිරීම, වැඩියෙන් ණය ගැනීම සහ අඩු සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කිරීම. මෙම ක්‍රියාමාර්ග දිගු කාලීනව පවුල්වලට හානි කරන්න පුළුවන්.
ඉදිරි දැක්ම
2024 වසරේදී ආර්ථිකය යථා තත්ත්වයට පත් වුණත්, අර්බුදයේ බලපෑම්, වර්ධනයට ඇති බාධාවන් සහ ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාවයන් හමුවේ මධ්‍ය කාලීන වර්ධනය මධ්‍යස්ථ මට්ටමක පවතියි කියලා අපේක්ෂා කරනවා. අපනයන අඩුවීම සහ ආනයන මත ඇති බලපෑම නිසා 2025 දී ජංගම ගිණුම හිඟයක් ඇති වීමේ ඉඩක් තියෙනවා. දේශීය ඉල්ලුමේ වැඩි වීමත් සමඟ, 2025 වසරේ මැද භාගය වෙද්දි උද්ධමනය ධන අගයකට ළඟා වෙයි කියන පුරෝකථනය තිබුණත්, ඒ අගය මහ බැංකුවේ මධ්‍ය කාලීන ඉලක්කයට වඩා පහළ මට්ටමක පවතීවි කියන විශ්වාසය තියෙනවා.
ශ්‍රී ලංකාව මූල්‍ය සංචිත නැවත ගොඩනඟා ගැනීමට සහ ජාත්‍යන්තර තත්ත්වය වැඩිදියුණු කිරීමට පටන් ගෙන තිබුණත්, තවමත් ඉතා ඉහළ අවදානම් පහව ගිහින් නෑ. ඒ අතර තියෙන ප්‍රධාන ගැටළු විදිහට, ගෝලීය ආර්ථික වර්ධනය මන්දගාමී වීම, ඉහළ ගෝලීය පොලී අනුපාත සහ ගෝලීය වෙළඳ ප්‍රතිපත්තිවල අවිනිශ්චිතතාවය සලකන්න පුළුවන්. මේවා නිසා විදේශ ආයෝජන අඩු වීම, රටේ අපනයන සඳහා ඉල්ලුම අඩු වීම සහ අපනයන ආශ්‍රිත අංශවල රැකියා අහිමිවීම් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම, රජය වැඩි වශයෙන් වක්‍ර බදු පැනවුවොත්, විශේෂයෙන් ධනවතුන්ට වඩා දුප්පතුන්ට බලපෑමක් ඇති වන නිසා දුප්පත්කම වැඩි වීමේ ඉඩකඩ තියෙනවා. මීට අමතරව, මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් ගණනින් වැඩි වීම මඟින් ඔවුන්ගේ අනාගත විභවයට හානි වීමත් පරම්පරා ගණනාවක් පුරා දරිද්‍රතාවයේ චක්‍රය පැවතීමත් සිදු වෙන්න පුළුවන් අයහපත් ප්‍රතිඵල අතර තියෙනවා. රට තුළ පවතින රැකියා අවස්ථා සීමිත වීම නිසා පුහුණු ශ්‍රමිකයින් රට හැර යාමට ඒක හේතුවක්. ඒ නිසාම ආර්ථික ප්‍රකෘතියට සහ රාජ්‍ය සේවාවන්හි ගුණාත්මකභාවයට හානි සිදු වෙනවා. විශේෂයෙන් ජනගහනය වයස්ගත වන විට මේ තත්ත්වය උග්‍ර වෙන්න ඉඩකඩ වැඩියි.
ශක්තිමත් මධ්‍ය කාලීන වර්ධනයක් සහතික කිරීම සඳහා, ප්‍රතිපත්තිමය අනුකූලතාව පවත්වා ගැනීම සහ සාර්ව-මූල්‍ය-මූල්‍ය ස්ථාවරත්වයට සහාය වන, තරඟකාරිත්වය වැඩි දියුණු කරන සහ නැවුම්, ණය නිර්මාණය නොකරන ප්‍රාග්ධන ගලා ඒම් ආකර්ෂණය කර ගන්නා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අනුගමනය කිරීම ඉතා වැදගත්. අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා සැපයුම් ප්‍රමිතීන් වැඩිදියුණු කිරීමෙන් මානව ප්‍රාග්ධනය සංවර්ධනය කිරීමත් ඒ හා සමානව වැදගත්. සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම මඟින් වඩාත් අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කිරීමත් එම ප්‍රතිලාභ අවශ්‍යතා සහිත අය ඇතුළත් සහ පුළුල් පදනමක් ඇති බව සහතික කරනවා ඇති.